ලියා අවසන් කළ කවියක
එළිවැට ලිහී යයි
ගල්කිස්ස සයුරු රළ මත
නික්ම යන කංසා දුම් වළලු අද්දර
දුෂ්කරයි වුනත් පා වෙලා යමි
ඉන්ද්‍රජාලික හීනයක් වගේ
ඈත අපරදිග අහසට
පාට සළු පිළි පිරුණු
සීත කළ පාට රෙදි සාප්පුවක් ළඟ
පාර මාරුවෙන තැන ඇන්ඳ
කහ ඉරි පවා මැකී ඇත
බීර පෙන පවා ගිනිගන්න සවසක
නොනවතින දුකදුළු වැසි හැලෙයි
කොල්ලුපිටියේ හංදියට,
වහා වෙඩි තබන්නට පෙර
හිස්ව ගිය සරත්කල රෑ අහසට
තබා යමි මේ කවිය
රෝස ඉඳුවර පෙති යට
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)