මා මියැදුණ දාක ඇවිත්
සීතල කොපුළතට උඩින්
උණුසුම් කදුළක් වැටෙන්න
වරක් හඩන්න
සි්පගන්නට එකම වරක්
පින්මදි උන බවට යළිත්
මතකෙට එන්නට මොහොතක්
එපා තියන්න
මුතු කැට වැහි ඇද හැළෙද්දි
එක කුඩයක හෙවන යටින්
ඇවිදන් යන්නට පැතුමක්
එපා පතන්න
එනමුදු නුඹ පැව පෙමින්
සුපිපුණු මල් යාය මැදින්
මල් සුවදක් හමා ඇදෙයි
ඔබට විදින්න
හිරු ගිළිහී අවරගිරින්
තනිකම හිත පාරවද්දි
සත් සමුදුර ගොඩ ගලන්න
එපා හඩන්න
මා වෙනුවෙන් නුඹෙ නෙතින්
ගිළිහුණ එක කදුළු බිදෙන්
වටහා ගන්නම් බැදි පෙම
සසර පුරාම
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)